FAST NEWS

24×7 Around the Globe

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලඳීමේ අවදානම ඉහළට..

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලඳීමේ අවදානම ඉහළ යාමක් දක්නට ලැබෙන බව ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

මේ නිසා ඒ පිළිබඳව පවත්වන සායන සියලුම මූලික රෝහල් තුළත් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව එම ව්‍යාපාරය පවසා සිටියි.

ගෙවී ගය මාස 08ක කාලය තුලදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ලක්වූවන් 40,000කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බවද එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

එහෙත් පසුගිය වසර පුරාම වාර්තා වී තිබෙන්නේ රෝගීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් බවද හෙතෙම පවසා සිටියේය.