තම 12 හැවිරිදි කුඩා දියණිය ඉදිරිපිට නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරුණු පෙම්වතාට මව විසින් තියුණු ආයුධයකින් පහරදුන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර පසුගියදා තමන් දියණිය නිදා සිටින ස්ථානයට පැමිණෙන විට තම පෙම්වතා නිරුවතින් සිටිනු දැක අදාළ කාන්තාව ඒ පිළිබඳව විමසිලිමත් වී තිබෙන බවත් එහිදී අදාළ පුද්ගලයා තම දියණිය අපයෝජනය කිරීමට සැරසෙන බව තමන් දුටු බවත් එම කාන්තාව අධිකරණයට ප්‍රකාශ කර ඇති බව සදහන්ය.
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඒ අනුව තමන් වහාම ක්‍රියාත්මක වී තම අත තිබූ ආයුධකින් ඔහුට පහරදුන් බවයි.
ඔහුගේ හිස පිටුපසට මෙම කාන්තාව විසින් පිහියෙන් සිදුකල පහරදීම්වලින් ඔහු බරපතල තුවාල ලබා ඇති බව විදෙස්මාධ්‍ය සදහන් කරයි.









