FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ ඔක්ලන්ඩ් ගුවන්තොටුපොළේ ගුවන් ගමන් නතර කෙරේ..

නවසීලන්තයේ ඔක්ලන්ඩ් ගුවන්තොටුපොළේ ගුවන් යානාවලට ඉන්ධන සැපයීම තාවකාලිකව නතර කර තිබීම හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් නවතා දමා ඇති බව වාර්තා වේ.

ගුවන් යානාවලට ඉන්ධන සැපයෙන නළයේ ඇති වූ කාන්දුවක් හේතුවෙන් එහි අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතින බවත් මේ හේතුවෙන් ඉන්ධන සැපයීමේ කටයුතු තාවකාලිකව නතර කර දැමීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

ගුවන් යානාවලට ඉන්ධන ලබා ගැනීම සදහා ඕස්ට්‍රේලියාවට හෝ වෙනත් අසල්වැසි රටකට යාමට සිදුව ඇති බවත් මෙම තත්ත්වය සමග ගුවන් ගමන්වාර කිහිපයක් අවලංගු කිරීම නිසා ගුවන් මගීන් 2,000ක් පමණ පීඩාවට පත්ව සිටින බවත් විදෙස්වාර්තා පවසයි.

C.රොද්‍රීගු