FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරයි..

තම රටට එරෙහිව සම්බාධක සහ පීඩනය වැඩි කිරීමෙන් සිය න්‍යෂ්ටික වැඩසටහන තවත් වේගවත් වනු ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවා ඇතැයි විදෙස්මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියා බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවන ලද නව සම්බාධක අතිශය දරුණු, සදාචාර විරෝධී සහ අමානුෂික සතුරුකමක් බවයි.

උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නව සම්බාධක පැනවීම වත්මන් පාලනය පෙරළා දැමීම අරමුණු කරගනිමින් සිදුකළ ක්‍රියාවක් බවයි.

C.රොද්‍රීගු