FAST NEWS

24×7 Around the Globe

ජනපති සමඟ ඇමෙරිකා යන්න ෆොන්සේකාට බැරි වූ හේතුව හෙළි වෙයි.. (වීඩියෝ)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(18) සවස කැලණියේ පැවැති වැඩසටහනකට සහභාගී වී ආපසු යාමේදී මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නවල පිළිතුරු දෙමින් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන පිරිස නම් කළ ජනාධිපතිවරයා විදේශ ඇමැති තිලක් මාරපන මහතා , නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු මෙන්ම තමාවද නම් කළ සිටි බව ඒ මහතා සඳහන් කළේය.

හත් අට දෙනෙක් යුද අපරාධ කළ නිසා රටටත්, තමාටත්, සමස්ත හමුදාවටත් අපකීර්තියක් සිදුවන බව ද ඔහු කීවේය.

ෆොන්සේකා මහතාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්..