FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 7ක් මරණයට පත් වෙයි..

පාකිස්තානයේ බජාවුර් දිස්ත්‍රික්කයේ මාමූන්ට් ප්‍රදේශයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඔවුන් හමුදා නිලධාරීන් පිරිසක් බවත් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔවුන් දෛනික මුර සංචාරයේ යෙදී සිටි බවත් වාර්තා වේ.

එරට බලධාරීන් ප්‍රකාශ කළේ දුරස්ථ පාලකයක් යොදා ගෙන බෝම්බය පුපුරුවා හැර ඇති බවයි.

තෙරීක් ඊ තලීබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

C.රොද්‍රීගු