FAST NEWS

24×7 Around the Globe

මුහුදු ආහාර අපනයනයේ සීයයට 40 ක වර්ධනයක්..

යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් වීමත් සමග 2017 වසරේ ගත වූ මාස 06 තුළ ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනය සීයයට 40 ක වර්ධනයක් ලබා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය අගෝස්තු 25දා නිකුත් කර ඇති ආර්ථික තොරතුරු වාර්තාවේ මෙය දැක්වෙන බව අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමීන් සඳහන් කළේය.

2016 මුල් මාස 06 තුළ මුහුදු ආහාර අපනයනය මගින් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 83.5ක් (රුපියල් මිලියන 12,612ක්) වන බවත්, 2017 වසරේ මුල් මාස 06 තුළ මුහුදු ආහාර අපනයනයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 117.1ක් (රුපියල් මිලියන 17,784ක්) දක්වා ඉහළ ගොස්  ඇති බවද එම ආමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)