FAST NEWS

24×7 Around the Globe

ඉදිරි වසර දෙක තුළදී ලුණූ ආනයනය නවතා දමනවා..

ඉදිරි වසර දෙක තුළදි ලුණු ආනයනය කිරීම නවතා දමා රටටම අවශ්‍ය තරමට ලුණූ ලබා දීමට අලිමංකඩ හා මන්නාරම ලුණු ලේවායන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා ඊයේ (17) මන්නාරම මාන්තෙයි ලුණු කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා සහභාගී වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමී සඳහන් කළේය.

“යුද සමයේ වසා දමා තිබු අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව හා මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව සංවර්ධනය කර සැලකිය යුතු ලුණු නිෂ්පාදනයක් සිදු වෙනවා. ඒ වගේම මෙම ලුණු ලේවායන් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හරහා ලුණු අපනයනය නවතා දැමීමට හැකියාව ලැබෙනවා. මෙමගින් විශාල පිරිසකට රැකියා අවස්ථාද හිමි වෙනවා.2017 වසරේ මේ දක්වා කාලය තුළ මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව තුළින් ලුණු ටොන් 6000 ක් හා අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාවෙන් ලුණු ටොන් 5000 ක් ද නිෂ්පාදනය කරලා තියෙනවා. “යැයි අමත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

(DE සිල්වා)