FAST NEWS

24×7 Around the Globe

චාමරට දුන් තහනමට මහේලගෙන් අපූරු පිළිතුරු..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චාමර සිල්වාට තරග පාවාදීමේ චෝදනා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ලබාදුන් වසර දෙකක තහනමට තමන් එකඟ නොවන බව මහේල පවසයි.

ඔහු තරග පාවාදීම ප්‍රතික්ෂේප පුද්ගලයා බවත් ඒ අනුව ඔහුට වසර දෙකක තහනමක් පනවා ඇති බවත් තරග පාවාදීමට සම්බන්ධ පුද්ගලයන්ට වසරක තහනමක් පනවා ඇති බවත් මහේල පවසයි.

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් මහේල මේ බව සඳහන් කරයි.

” මේක සාධාරණ කොහොමද? පාවාදීමට විරුද්ධ වූ ක්‍රීඩකයාට වසර දෙකක තහනමක්. පාවාදීමට සම්බන්ධ පුද්ගයන්ට වසරක තහනමක්. පාවාදිමට එක්වූ පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක් ලබාදිය යුතුයි. ඒ වගේම මේ හා සම්බන්ධ වූ නිලධාරින්ටද ජීවිතාන්තය දක්වා තරග තහනමක් ලබාදිය යුතුයි” යැයි මහේල පවසයි.

1

2

3