FAST NEWS

24×7 Around the Globe

මියන්මාර හමුදාවෙන් රොහින්ග්‍යා අන්තවාදීන්ට චෝදනාවක්..

මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට මේ වනවිට අත්ව ඇති ඉරණමට වගකිවයුත්තේ රොහින්ග්‍යා අන්තවාදී කණ්ඩායම් බවට මියන්මාර උසස් හමුදා නිලධාරියෙකු චෝදනා කරන බව වාර්තා වේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදයට පමණක් මියන්මාර හමුදා ප්‍රතිචාර දක්වන බවයි.

හමුදා ප්‍රහාර එල්ල කරන බවට පවසමින් මේ වනවිට රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලක්ෂ හතරක් රට අතහැර පලාගොස් තිබෙන බව විදෙස්වාර්තා පෙන්වා දෙයි.

C.රොද්‍රීගු