ජපානයට බලපා ඇති ටාලින් සුළි කුණාටුවත් සමග එරට ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
ජපාන කාලගුණ අංශ සඳහන් කළේ ඊයේ(17) දින කියුෂු දිවයින හරහා සුළි කුණාටුව එරටට ඇතුලු වු බවයි.
දැඩි සුළං හේතුවෙන් කගෝෂිමා, කුමාමොටෝ සහ මියසාකි යන ප්‍රාන්ත වල නිවාස 3,000කට අධික සංඛ්‍යාවකට විදුලි බලය ඇණහිට තිබෙන බවත් අයහපත් කාලගුණය හේතුවෙන් කියුෂු සහ ෂිකොකු දිවයින් වල ගුවන් ගමන්වාර 800කට අධික සංඛ්‍යාවක් අත්හිටු වූ බවත් සදහන්ය.
එසේම සුළි කුණාටුව සමග පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී 17 දෙනෙකු තුවාල ලැබු බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
C.රොද්‍රීගු









