FAST NEWS

24×7 Around the Globe

හීලරිගේ කෙස් කැරැල්ල ඉල්ලු මාටින්ට සිර දඬුවම්..

ඇමෙරිකාවේ ජනපති අපේක්ෂිකාවක වු හීලරි ක්ලින්ටන්ගේ කෙස් කැරැල්ලක් ගෙන එන්නෙකුට ඇමෙරිකානු ඩොලර් පන්දහසක් ලබාදෙන බවට මුහුණු ‍පොතේ සටහනක් තැබූ සුප්‍රකට ඖෂධ සමාගමක ප්‍රධාන විධායකවරයකු වන මාටින් “ෆාමබ්‍රෝ”ෂ්කරෙල්ලි එරට අධිකරණයක් මගින් සිර දඬුවම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එසේම මොහුට ලබාදෙන සිර දඬුවමමේ කාලය ඉදිරියේදී අධිකරණය විසින් තීන්දු කරනු ඇති බවද පැවසේ.

මොහු මෙසේ සිරගත කොට ඇත්තේ ඉහත දැක්වෙන ආකාරයේ සටහනක් තැබිම මගින් මොහු සමාජයට අනතුරුදායක පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි බවට සලකමීන් බවත් සඳහන්.

(DE සිල්වා)