පසුගියදා කවුඩුල්ල ප්රදේශයේදී පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන් වෙත දිව ආ පුංචි දියණිය පිළිබඳව බොහෝ දෙනා කතා කළ අතර මෛත්රී සීයා යැයි පවසමින් ඇය ජනපතිතුමන් වෙත දිව එන අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව නතර කිරීමට තැත් කළද, ජනාධිපතිතුමන් එය වළක්වා, එම දියණියට තමා අසලට ඒමට ඉඩ සලස්වනුද දක්නට ලැබිණ.
උත්සවය අවසන් වන තෙක්ම එම හුරතල් දියණිය ජනාධිපතිතුමන්ගේ තුරුලට වී හුරතල්බස් දොඩමින් සිටිනුද දක්නට ලැබිණි.
කෙසේ වෙතත් මෙම දියණිය ජනපතිතුමන්ගේ සැබෑම මිණිපිරිය බව ඇතැම් අන්තර්ජාල වාර්තා කියැවුණු අතර එහි කිසිදු සථ්යතාවක් නොමැත.
ජනපති හමුවට ආ නමින් දිනුල්යා චනාදි වන මෙම පුංචි දියණිය පවුලේ වැඩිමලා වන බවත් ඇගේ දෙමව්පියන් පවසන පරිදි පුංචි දිනුල්යා බහ තෝරන වයසේදී පටන්, මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා රූපවාහිනියෙන් දකින සෑම අවස්ථාවකම සිනාසෙමින් නොයෙකුත් දෑ කියමින් එම වැඩසටහන නරඹන බවත් පැවසෙයි.
ඡායාරූප පහතින්..












