FAST NEWS

24×7 Around the Globe

ජනපති දියණිය දේශපාලනයට එන නොයෙන එක ගැන කියයි..

දේශපාලනයට පැමිණීමේ අදහසක් නොමැති බව ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ චරිතාපදානය හෙවත් ජනාධිපති තාත්තා කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවාය.

තමා දේශපාලනය දකින්නේ වෙනස් ස්වරූපයකින් බවත් බල අරගල හෝ පක්ෂ දේශපාලනය ඒ තුළ නොමැති බවද ඇය එහිදී පැවසුවාය.

“මම මේ විදිහට වැඩකරද්දි බොහෝ අය මගෙන් නිතරම අහනවා චතුරිකා ඔයා දේශපාලනයට එනවද කියලා.. මම ඉපදුනේ දේශපාලනය වෘත්තිය කරගත් පියකුගේ වැඩිමහල් දියණිය ලෙසයි. නමුත් මම දකින දේශපාලනය දේශපාලන ක්‍රියාවලිය පක්ෂ දේශපාලනය හෝ පාර්ලිමේන්තුවේ කරන බල අරගල දේශපාලනය හෝ නෙවෙයි. මා දකින අදහන දේශපාලනය කියන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන්නා වූ සේවයයි. මට හැකි පමණින් මා මියෙනතුරා මා ස්වෙච්ඡා සේවිකාවක ලෙස සිදු කරන්නා වූ සේවය සිදු කරනවා යනවා” යැයි පවසා සිටියාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල්වික්‍රමසිංහ මහත්වරන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණි.