FAST NEWS

24×7 Around the Globe

ලලිත් අනූෂ හිරේ ගිය සැබෑ හේතුව මන්ත්‍රී නලීන් බණ්ඩාරගෙන්..

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිරගත වූයේ සිල්රෙදි බෙදා නොව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඊයේ (14) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණයේ පැවති නඩුවාර විසිහතරේදීම ලලිත් වීරතුංග වෙනුවෙන් මැදිහත් නොවූ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ නියෝගයක් මත ලලිත් වීරතුංග ක්‍රියා කළ බව පවසමින් මාධ්‍යයට නිවේදන නිකුත් කිරීමෙන් දැන් ඵලක් නැති බවයි.