ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය ලබන ඔක්තෝබර් 5 වනදා සිට 15 වනදා දක්වා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පවත්වන මෙම පොත් අලෙවිය මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම Big Bad Wolf Books නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ යැප් මහතා සහ ProRead Lanka (Pvt) Ltd අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම පොත් අලෙවියෙහි විශේෂත්වය වන්නේ එය පැය 24 පුරාම විවෘතව පැවතීමත් පොත් පත් පරිශීලනය කරන්නන්ට නොනැවතී එක දිගට දින 11 ක් තිස්සේ පොත් පත් මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසීමත්ය.







