FAST NEWS

24×7 Around the Globe

ලොව මානව ප්‍රාග්ධන ඇගයීමෙන් සියයට 61.19 ක අගයක් ලංකාවට හිමි වෙයි..

2017 ජගත් මානව ප්‍රාග්ධන වාර්තාවට අනුව තවදුරටත් දකුණු ආසියාවේ මුල් තැන හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින අතර ඒ අනුව ලෝකයේ මානව ප්‍රාග්ධනය සදහා ලබාදෙන ඇගයීම් අතර සියයට 61.19 ක අගයක් ලංකාවට හිමිව ඇත.

මෙම වාර්තාව සකස් කිරීමේදී රටක අධ්‍යාපන මට්ටම, ආයු අපේක්ෂාව, විරැකියාව, වෙළදපල අවස්ථා සම්බන්ධයෙන් සලකා බලනු ලබයි.

මෙවර දර්ශකයේදී රටවල් 130ක් අතරින් ශ්‍රී ලංකාවට 70 වැනි ස්ථානය හිමිව ඇති අතර
2016 වසරේදී ලෝකයේ මානව ප්‍රාග්ධනය අතින් ශ්‍රී ලංකාව පසුවූයේ 50 වැනි ස්ථානයේය.

ඒ අනුව මෙවර වාර්තාවේ දී ශ්‍රී ලංකාව ස්ථාන 20කින් පසුබැස ඇත.