ලොව වයස්ගතම යෝධ පැන්ඩා මරණයට පත් වූ බව චීන මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ අග්නිදිග කලාපයේ ෆූජෝ ප්‍රාන්තයේ ජීවත් වූ ‘බාසි’ නම් වූ මෙම යෝධ පැන්ඩා මිය යන විට 37 හැවිරිදි වියේ පසුවී ඇති අතර තම පරම්පරාවේ අන් සියලු පැන්ඩාවන්ට වඩා වැඩි කලක් ජීවත් වූ බාසිගේ 37 වසරක ආයු කාලය මිනිස් ආයුෂ සමඟ සංසන්දනය කළහොත් ඇය වසර සියය ඉක්මවූ තැනැත්තියකට සම කළ හැකි බවද වාර්තා වෙයි.
ඇය බාසි නමින් හදුන්වනු ලබන්නේ චීනයේ බාසි මිටියාවතේ සිටිය දී මුදවා ගැනීම හේතුවෙනි.












