කිලෝග්‍රෑම් 50 ක් බරැති ඉබ්බෙක් සිය සුරතලෙකු ලෙස ඇති කරන වයස්ගත මවක් චීනයේ ජීලිං පළාතේ වාසය කරන බව විදෙස්වාර්තා සදහන් කරයි.
වයස අවුරුදු 83 ක් වු හාඕ යු ලින් නැමැති මේ වයස්ගත මව, සෑම දිනකම වාගේ සුරතල් ඉබ්බත් සමග එළිමහනට ගොස් විවේක සුවයෙන් කාලය ගත කරනු බවත් මේ ඉබ්බා මීට දශකයකට පමණ පෙර රුපියල් 20000 ක පමණ මිලකට රැගෙන එනු ලැබුවේ චීනයේ යුනැන් පළාතෙන් බවත් විදෙස් ආරංචිමාර්ග පවසයි.
එසේම ‘සු සු’ යන නමින් එම ඉබ්බා හදුන්වන බවත් පැවසෙයි.










