FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකාවේදී ප්‍රහාරයකට ලක්ව මියයයි..

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව ශ්‍රී ලංකාවේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

පෝල් මැක්ක්ලීන් නම් 25 හැවිරිදි මාධ්‍යවේදියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු ෆයිනෑන්ෂියල් ටයිම්ස් නම් පුවත්පතකට සේවය කර තිබෙන බවත් පැවසෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව පොලීසිය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ පානම, හැඩඔය කලපුවේ දිය නාමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම සිදුවීම ඊයේ (14) සිදුව තිබෙන ඔහුගේ සිරුර අද(15) පෙරවරුව වෙන විටත් සොයාගෙන නොතිබී ඇති අතර සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ ඔහු ජලය යටත එක්වරම ගිය බවයි.