මිතොටමුල්ල කසළ කන්ද කඩා වැටී අද(14) දිනට මාස 05ක් ගත වෙයි.
ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන කොළොන්නාව කසළ කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප‍්‍රධාන සංවිධායක නුවන් බෝපගේ සඳහන් කළේ පහත පරිදි අදහසකි.
“මේ දිනවල තියෙන වැසිබර කාළගුණයත් එක්ක අවධානම් දෙකක් මතුවෙලා තියෙනවා. එකක් තමයි කුණු කන්ද තාම අස්ථාවර වීම.. කඩා වැටීමෙන් පස්සේ තාම කුණු කන්ද ඉවත් කිරීමට කටයුතු කරලා නැහැ. මේ වන විට විමලාරාම වත්ත, අවිස්සාවේල්ල පාර, 23 වත්ත,101 වත්ත වැනි ප්‍රදේශවලට මේ වැස්සත් එක්ක කුණු කන්ද යළි කඩා වැටීමේ අවධානමක් තියෙනවා. කුණු කන්ද කඩා වැටීමෙන් ඇළ මාර්ගය අවහිර වී තිබීම නිසා දැඩි වර්ෂාවක් ඇති වුනොත් මේ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් මතු වෙන්නත් පුළුවන්.” යනුවෙනි.









