FAST NEWS

24×7 Around the Globe

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රෝහලක විදුලිය ඇණහිටීමෙන් 08දෙනෙකු මියයයි..

ඇමෙරිකාවට බලපා ඇති ඉර්මා චණ්ඩ මාරුතයෙන් පසු එරට බොහෝ ප්‍රදේශවල විදුලි බලය ඇණහිට ඇති බව වාර්තා වෙයි.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රෝහලක විදුලිය ඇණහිටීමෙන් ප්‍රතිකාර සේවාවලට දැඩි බලපෑම් එල්ල වීම නිසා පුද්ගලයන් 08දෙනෙකු මියගිය පුවතක් වාර්තා වන අතර මේ වන විටත් ෆ්ලොරීඩා, ජෝර්ජියා හා කැරොලිනා ප්‍රාන්තවල පුද්ගලයන් මිලියන 10ක් පමණ විදුලි බලය නොමැතිකමින් පීඩා විඳින බව විදෙස්මාධ්‍ය පවසයි.

C. රොද්‍රීගු