FAST NEWS

24×7 Around the Globe

පාසල් එද්දී සිසුන් 11ක් බය වෙලා රෝහලට ගිහිං.. හේතුව මෙන්න..

උල් ආයුධ පෙන්වා මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැමිණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් බිය ගැන්වූ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සොයා පොලිසිය පුලුල් පරික‍්ෂණයක් ආරම්භ කර ඇත.

ඊයේ(13) උදෑසන 7.45ට පමණ එම පාසලට පැමිණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් මෙසේ බිය ගන්වා ඇති අතර ,සිද්ධියෙන් භීතියට පත්වූ සිසුවියන් අටදෙනෙකු හා සිසුන් තිදෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලුවී නේවාසිකව ප්‍රතිකාර ලබයි.

එම සිසුන් බිය වි ඇති බවත් ඔවුන්ට වෙනත් කිසිදු ශාරීරික පිඩාවක් සිදු නොවි ඇති බවත් මස්කෙළිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා පවසයි.