FAST NEWS

24×7 Around the Globe

‘ඉර්මා’ සුළි කුණාටුවත් සමග වර්ජීන් දූපත්හි බන්ධනාගාර රැඳෙවියන් 100ක් පලා යයි..

‘ඉර්මා’ සුළි කුණාටුව බ්‍රිතාන්‍යයට අයත් වර්ජීන් දූපත් හරහා හමා යද්දී, එක් දූපතක පිහිටුවා ඇති බන්ධනාගාරයක රැඳෙවියන් 100 දෙනකු පලා ගොස් ඇති බවත්, ඔවුන් සෙවීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් බ්‍රිතාන්‍ය රජය කියා සිටී.

පැන ගිය එම රැඳෙවියන් අතර ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් සිටින බවත්, ඔවුන් හේතුවෙන් දූපත් සමූහයේ වැසියන්ට විශාල තර්ජනයක් වී ඇති බවත් බ්‍රිතාන්‍ය රජය වැඩි දුරටත් කියා සිටී.

රැඳෙවියන් පැන ගොස් ඇත්තේ සුළි කුණාටුවෙන් බන්ධනාගාරයට ප්‍රබල හානි සිදුවූ නිසා යැයි ද පැවැසෙයි.

(රොයිටර්)

C.රොද්‍රීගු