FAST NEWS

24×7 Around the Globe

පින්නවල රා තැබෑරුමට දෙකෝටි හැත්තෑ අටලක්‍ෂයක ලංසුවක්‌..

බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පින්නවල පිහිටි අංක 2 රා තැබෑරුමේ ලබන වර්ෂය (2018) සඳහා ටෙන්ඩරය රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්‍ෂයකට වෙන්දේසි වී ඇත.

පසුගිය වසරේ (2017) මෙම රා තැබෑරුම ලංසු වූයේ රුපියල් එක්‌කෝටි තිස්‌තුන් ලක්‍ෂයකටය.

මෙවර ටෙන්ඩරය වාර්තාගත ලංසුවක්‌ බව වෙන්දේසි කාර්යයේ ප්‍රධානි ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා පැවසීය.