FAST NEWS

24×7 Around the Globe

හිතේ රුඳිච්ච කතාවක් අකිලගෙන්..

ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ඇන්තනී සමගින් කල සාකච්ඡාවකදී පොත් කියවීම සම්බන්ධයෙන් පවසන ලද අදහස් කිහිපයක් පහතින්..

“ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම පොත් කියෙව්වා. ඉස්කෝලේ තිබුණ බුක් ෂොප්වලින් එහෙමත් මම ගෙදරට පොත් අරගෙන එනවා. හැබැයි ඒ ගෙනාපු හැම පොතක්ම ඒ කාලේදී කියෙව්වද කියන ප්‍රශ්නය අද මගේ හිතේ තියෙනවා. සමහර පොත් ගෙදර ගෙනල්ලා බාගෙට කියෙව්වා. සමහර පොත් සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඉස්කෝලේ යන කාලේදි මම හරිම ආසාවෙන් ඔය රහස් පරීක්ෂක පොත් කියෙව්වා. පසු කාලේදිනම් මම හරි රහට පොත් කියවනවා. ඒ අතරින් තාමත් මගේ හිතේ රුඳිච්ච පොතක් තමයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘සෙංකොට්ටං’ කියන නවකතාව. හැබැයි මම අන්තිමට කියවපු පොත තමයි ගාමිණි වියන්ගොඩගේ ‘විසේකාරී’. ඒක මම කියවලා ඉවර කළේ බොහෝම මෑතකදියි. සාහිත්‍ය මාසේ කියලා නෑ. කොහොමත් මම හැම මාසෙකටම සැරයක් පොතක් ගැනීම පුරුද්දක් විදිහට කරනවා. ඒ ආසාවෙන් ගත්තු පොත් මම හරිම පරිස්සමින් තියාගන්නවා. එහෙම හරිම පරිස්සමින් තියාගත්තු මගේ පොත් රාක්කේ පොත් මම වැඩිකරගන්න තමයි හැම වෙලේම උත්සාහ ගන්නේ.”