FAST NEWS

24×7 Around the Globe

තෙවරප්පෙරුම විපක්ෂ නායක වෙනුවෙන් වකුගඩුවක් දීමට යයි..

සිය වකුගඩුවක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ජනහමුවකට එක්වෙමින් පැවැසීය.

ඔහු සඳහන් කරන ලද්දේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල රෝගී තත්ත්වයෙන් පසුවන නිසා ඔහුට අවශ්‍ය නම් තමන් වකුගඩුවක් පරිත්‍යාග කරන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජීවිතයෙන් සමුගත් තමන්ගේ පුතණුවන් වෙනුවෙන් මේ සත්කාරය සිදු කරන බවයි.