FAST NEWS

24×7 Around the Globe

ධවල මන්දිරයට නව වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂිකාවක් පත්කෙරේ..

ධවල මන්දිරයේ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ හෝප් හික්ස්ගේ සේවය ස්ථීරකර ඇති බව වාර්තා වෙයි.

28 හැවිරිදි හික්ස් මෙනවිය, හිටපු සන්නිවේදන අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමෙන් පසුව එම තනතුරට පත්වූ සිව්වැන්නා වන අතර මයික් ඩුබ්කේ, ෂොන් ස්පයිසර් සහ ඇන්තනී ස්කැරමූචි යන අය මින්පෙර එම ධුරයේ කටයුතුකර තිබුණි.

එසේම ඇය ට්‍රම්ප්ගේ වඩාත් විශ්වාසවන්ත සේවිකාවක් බවටද විදෙස් වාර්තා සඳහන් කරයි.

C.රොද්‍රීගු