මරදාන ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය මගින් සිදුකරන බොහෝ ක්‍රියාකාරකම් හා වැඩුමුළු අතරින් ප්‍රධානතම අංගය වන වාර්ෂික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය එලැඹෙන 14දා පැවැත්වීමට නියමිතය.
එදින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මරදාන, ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය පරිශ්‍රය තුළ මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, එදින එම ක්ෂේත්‍රයට අදාලව ප්‍රවීනයන්ගේ දේශන, ප්‍රදර්ශන කුටි හා පරිගණක විනෝද ක්‍රීඩා ඇතුළුව විශේෂාංග ඇතුළු විවිධ අංග රැසක් පවතින බව ඔවුහු පවසති.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඇල්මක් දක්වන සියලුදෙනාට මේ සඳහා සහභාගී වී විශාල දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකිවන පරිදි මෙම දිනය සංවිධානය කර ඇති බව පැවසෙයි.







