FAST NEWS

24×7 Around the Globe

ආයෙමත් ඩෙංගු..?

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත විය හැකි බැවින් දැනට ක‍්‍රියාත්මක කරන ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙත සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උපදෙස් ලබාදී ඇත.

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම දිවයින පුරා තවත් දිස්ත‍්‍රික්ක ගණනාවක ඩෙංගු රෝගීන් යළි වැඩිවීමේ අවදානමක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන ලදි.

2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 148000 ක් වාර්තා වී තිබේ.