FAST NEWS

24×7 Around the Globe

අගමැතිට වාහනයක් ගන්න අමාත්‍යංශයෙන් වැය වන මුදල මෙන්න..

රුපියල් පන්කෝටි අනූ අට ලක්‌ෂයක (59,800,000) අතිරේක මුදලක්‌ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාට වාහනයක්‌ මිලට ගැනීමට වැය කලේ යයි පරිපූරක අස්තමේන්තුවක් ලක්‍ෂමන් කිරිඇල්ල සභානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එහි දැක්වෙන්නේ මෙම මුදල අමාත්‍යංශයට අයත් ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තු වැය ශීර්ෂයෙන් වියදම් කළ බවයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාය.