ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නවතම බදු ප්‍රතිපත්තිය එළිදක්වා තිබේ.
ඒ අනුව බදු කප්පාදුකර ඇති බව වාර්තා වන අතර විදෙස් විචාරකයන් සඳහන් කරන්නේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පාලන සමයෙන් පසු දැවැන්ත ලෙස මධ්‍යම පාන්තිකයන්ගේ බදු අඩු කළ අවස්ථාව ලෙස මෙය කැපී පෙනෙන බවයි.
සරළ බදු ප්‍රතිපත්තියක් ඇති කරමින් මධ්‍යම පාන්තිකයන්ට සහන සැලසීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලින් එකක් වේ.
C.රොද්‍රීගු









