FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීල ජනාධිපතිවරු දෙදෙනෙකුට දුෂණ චෝදනා ගොනු කෙරේ..

දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් බ්‍රසීල හිටපු ජනාධිපතිවරුන් වන ලූලා ද සිල්වා සහ දිල්මා රූසෙෆ් යන දෙදෙනොට එරෙහිව එරට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා නියෝජනය කරන කම්කරු පක්ෂය විසින් 2002 සහ 2016 අතර කාලයේ බ්‍රසීල රජයේ තෙල් සමාගමේ මුදල් අයතා ලෙස පරිහරණය කල බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.

(DE සිල්වා)