FAST NEWS

24×7 Around the Globe

මැති ඇමතිවරුන්ගේ පාර්ලිමේන්තු කෑම වල මිල ගණනුත් වෙනස් වෙයි..

මැති ඇමතිවරුන් සඳහා පාර්ලිමේන්තුවේදී ලබා දෙන ආහාරවල මිල ගණන් අද (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇත.

ඒ අනුව, දැනට රුපියල් 150ක් වන ප්‍රධාන ආහාර වේලක මිල රුපියල් 250 දක්වා වැඩි කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී වන අතර මෙවැනි මිල වැඩි කිරීමක් සිදු කර ඇත්තේ වසර 08කින් පසු වීමද විශේෂත්වයකි.