FAST NEWS

24×7 Around the Globe

අගරදගුරු ආණ්ඩුවෙන් හා විපක්ෂයෙන් ඉල්ලීමක් කරයි..

‘මොනම ලාභ ප්‍රයෝජනවලට හෝ කොන්දේසිවලට යටත් වෙලා අපේ රට පවා දෙන්න එපා, අපි ඉතිහාසයේන් පාඩම් උගත ගත යුතුය. මම ගෞරවයෙන් ආණ්ඩුව කරන පාලකයින්ගෙන් සහ විපක්ෂයේ උදවියගෙන් ඉල්ලා සිටිනවා’ යයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාර්දිනල්තුමා කියා සිටියේය.

‘අපේ රටේ ඉතිහාසයේ යටත් විජිතයක් වුනේ ලෞකික දේවල්වල අපේ ආත්මය වික්ක නිසායි. මේ රටේ ජීවත්වන සියලුම දෙනා මේ අපේ රට, මේ අපි සැතපෙන රට, කියා සිතා කටයුතු කරන්න’