FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ ඩිඅර් අස්සූර් නගරයේ කොටසක් IS ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනේ..

සිරියා හමුදාව සහ මිත්‍ර හමුදාව, වසර තුනක කාලයක් තිස්සේ ත්‍රස්තයින්ගේ ග්‍රහනයට නතුව තිබූ නැගෙනහිර සිරියාවේ ඩිඅර් අස්සූර් නගරයේ කොටසක් IS ත්‍රස්තවාදීන්ගෙන් ඊයේ(05) මුදාගෙන ඇති බව වාර්තා වේ.

ඩිඅර් අස්සූර් නගරයේ තවත් කොටසක් සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක් තවමත් ත්‍රස්ත ග්‍රහනය යටතේ පවතින බවත් ඔවුන් තමන්ට ඉතිරිව ඇති අවසන් බිම්කඩ ආරක්ෂා කරගැනීම සදහා දැඩි ප්‍රයත්නයක් දරන බවත් පැවසෙයි.

C.රොද්‍රීගු