FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ධූරය ප‍්‍රථම වරට කාන්තාවකට..

ඉන්දියාව ප‍්‍රථම වරට එරට ආරක්ෂක ඇමති ධූරය සඳහා කාන්තාවක් පත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඊයේ (03) සිදු කළ කැබිනට් සංශෝධනයේදී එරට වාණිජ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය වෙත ආරක්ෂක ඇමති ධූරය පිරිනමා ඇත.

තමන් ලැබූ නව අමාත්‍ය ධූරය ඉන්දියානු සමාජය තුළ කාන්තාවන්ගේ තත්ත්වයේ සිදුවුණු යහපත් වර්ධනයක් බව ඇය පවසා ඇත.

නිර්මලා සීතාරාමන් මහත්මිය ආරක්ෂක අමාත්‍ය ධූරය සඳහා ලබන 06 වැනිදා දිවුරුම් දීමට නියමිත බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)