උතුරු කොරියාව ඇමෙරිකාවට හෝ එහි මිත්‍ර රාජ්‍යයන්ට කිසියම් ආකාරයකින් තර්ජනය කලහොත් ඔවුන්ට එරෙහිව දැඩි යුදමය ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසා ඇති බව වාර්තා වෙයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාවේ නවතම න්‍යෂ්ටික අත්හදා බැලිම පිලිබද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
මිසයිලයකට සවි කල හැකි හයිඩ්‍රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලු බව උතුරු කොරියාව ඊයේ(03) දිනයේ නිවේදනය කළ අතර ඔවුන්ගේ ක්‍රියා කලාපය ජාත්‍යන්තරයේ අප්‍රසාදයටද ලක් වී ඇත.









