FAST NEWS

24×7 Around the Globe

“වැරදිලා වෙන්න ඇති..”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරයට තමාට ආරාධනා කර ඇත්තේ වැරදිලා විය හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති උත්සවයකින් අනතුරුව ඊයේ (31) දින පැවැසීය.

“වැරදිලා වෙන්න ඇති . හිටපු එක්කෙනා කීවට අර හිටපු ජනාධිපතිනියටද දන්නේ නෑ.” යැයි ඔහු පැවැසීය.

නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය අනිද්දා (03) දිනයේ කොළඹදී පැවැත්වෙන බවත්, ඒ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආසන්නතම පුටුව හිටපු ජනපතිවරයා වෙනුවෙන් වෙන්කර ඇති බවත් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ(31) පැවැසීය.