ටාල්අෆාර් නගරය IS ත්රස්තයින්ගෙන් මුදාගත් බව ඉරාක අගමැති හයිදර් අල් අබාදි නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දින දොළහක් පැවති සටන්වලින් අනතුරුව එම නගරය සහ නිනවා පළාත ත්රස්තයින්ගෙන් මුදාගත් බවයි.
ටාල්අෆාර් නගරය වසර තුනක් තිස්සේ ත්‍රස්ත ග්රහනය යටතේ පැවති අතර පසුගිය මස 20වනදා සිට ඉරාක හමුදා IS ත්‍රස්තයින්ට එරෙහි මෙහෙයුම් ආරම්භ කර ඇත.









