FAST NEWS

24×7 Around the Globe

හාවි කුණාටුවෙන් විපතට පත්වූවන්ට ඇමෙරිකා ඩොලර් බිලියන පහක් වෙන්කෙරේ..

හාවි සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට ඇමෙරිකා ඩොලර් බිලියන 5.9ක මුදලක් වෙන්කර දෙන ලෙස ධවල මන්දිරය කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කලේය.

ඒ සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කිරීමට පොරොන්දුවූ බව එහි සඳහන් වන අතර ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ සහන සේවා කටයුතුවලට ඩොලර් බිලියන 125ක් පමණ අවශ්‍යවනු ඇති බවයි.

මේ වනවිට හාවි සුළිකුණාටුව සමග හටගත් ගංවතුර ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව 33 දක්වා ඉහළගොස් ඇති අතර සහන සේවකයින් විසින් දිවිගලවා ගත් පුද්ගලයින් සහ මළ සිරුරු සොයා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි.

 

C.රොද්‍රීගු