FAST NEWS

24×7 Around the Globe

එක්සත් අරාබි එමිරේට්ස් අධිකරණයෙන් සිරකරුවන් 803කට සමාව දීමේ තීරණයක්..

එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපතිවරයා සැප්තැම්බර් 01දිනට යෙදෙන Eid Al Adha උත්සවය වෙනුවෙන් විවිධ වැරදි වලට එමිරේට්ස් අධිකරණය මඟින් බන්ධනාගාර ගත කරන ලද සිරකරුවන් 803 දෙනෙකුට සමාව ලබා දීමට තීරණය කර ඇති බව අල්-බයන් පුවත් පත වාර්තා කළේය.

සිරකරුවන්ට ගෙවීමට ඇති දඩ මුදල් එමිරේට්ස් රජය විසින් දැරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සිරකරුවන්ගේ පවුල් වල පවතින ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් එමිරේට්ස් ජනාධිපතිවරයා අදාල තීරණය ගෙන ඇති බවත් පවුලේ සාමාජිකයින් සමඟ නව ආරම්භයක් ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදීම සමාව දීමේ මුලික අරමුණ වී ඇති බවත් අල්-බයන් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

C.රොද්‍රීගු