දකුණු පළාත් සභාවේ අද (29) විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත සම්බන්ධයෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් එම පළාත් සභාවේ සෙංකොලයට දැඩි ලෙස හානි සිදුව ඇත.
මෙම තත්ත්වය ඇති වූයේ එම පනත ලබන මස 12 වැනිදා දක්වා කල් තැබීමට දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා සිදුකරන ලද ඉල්ලීමක් අනුවය.
එම අවස්ථාවේදී දකුණු පළාත් සභාවේ දකුණු පළාත් සභා මන්ත්‍රී (එජාප) චන්දන ප්‍රියන්ත මහතා සෙංකෝලය රැගෙන සභාවෙන් පිටවීමට තැත්කළ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔහු පසුපස හඹායෑමත් සමග ඇති වූ ගුටිබැට හුවමාරුවත් සමග සෙංකෝලය කොටස් හතරකට කැඩීබිඳී ගොස් ඇත.
පසුව මන්ත්‍රීවරුන් හතර දෙනෙකු විසින් එහි කොටස් එකලස් කොට නැවත සෙංකොල්ය සකසා සභාවේ තැන්පත් කරන ලදී.
ඡායාරූප පහතින්..













