FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව හා ලෝක කණ්ඩායම අතර 20 යි විස්ස තරගය කල් දැමේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර සැප්තැම්බර් මස 08 වැනිදා පැවැත්වීමට නියමතව තිබූ විස්සයි විස්ස ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය කල්දැමීමට සිදුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ගංවතුර තත්ත්වයෙන් හා නියගයෙන් පීඩා විදින ජනාතාවට අවශ්‍ය සහන  සැලසීම සඳහා අරමුදල් රැස්කිරීම වෙනුවෙන් මෙම තරගය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෑත කාලයෙදී අඛණ්ඩව තරග වලට සහාභාගී වීහ හෙයින් ඔවුන්ට විවේකයක් ලබාදීමේ අරමුණින් මෙසේ තරගය කල් දැමූ බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)