ඉදිරි පළාත් පාලන මැතිවරණයට හවුලේ තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප සහ එජාප නායකයන්ගේ තීරණාත්මක හමුවක් මේ සතිය තුළදී පැවැත්වීමට කටයුතු කරමින් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන් පක්ෂ රැසක එකතුවකින් පොදු ලකුණක් යටතේ තරග කිරීම එම හමුවේ බලාපොරොත්තුව වී ඇති බවත් ශ්‍රීලනිප පිරිසක් ඒකාබද්ධ විපක්ෂය ලෙස වෙනම තරග කිරීමට මේ වනවිටත් කටයුතු කොට ඇති පසුබිමක ආණ්ඩුවේ පාර්ශ්ව එක්ව තරග කොට ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් පැවසෙයි.
මේ අතර ආණ්ඩුව තුළ සිටින පිරිසක් එජාපය හා එක් වී තරග කිරීමට වඩා ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වී තරග කිරීම මඟින් වැඩිපුර ශ්‍රීලනිප නියෝජිත පිරිසක් ජයග්‍රහණය කරවීමට හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පෙන්වා දී ඇති බවත් කියැවේ.









