ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලාංකික කණ්ඩායම අතර පල්ලෙකැලෙ පිටියේ පැවැති තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දියාවට ලකුණු අටක් තිබියදී ප්‍රේක්ෂකයන් පිරිසක් පානීය ජල බොතල් පිටියට විසි කිරීමට කටයුතු කිරීමත් සමගින් තරගය තාවකාලිකව නැවැත්වීය.
ඒ අනුව ඉන්දියාවට සිය ජයග්‍රාහී ඉලක්කය හඹා යෑම මද වේලාවකට පමණ ප්‍රමාද වූ අතර ප්‍රේක්ෂකයන් කලබල කිරීමත් සමගින් පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ ක්‍රීඩා කිරිමට පිටියේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව නැවතත් ක්‍රීඩකයන් හා විනිසුරන් පිටියට පිවිස තරගය ආරම්භ කළේය.












