මෝස්තර නිරූපණ ලෝකයේ කැපී පෙනෙන සුරූපිනියක් තමයි, කේට් මොස්. මෑතකදී ඇය තම කේශ කලාපය වර්ණවත් කර ගත්තා.
ස්වභාවයෙන්ම තඹ පැහැති කොණ්ඩයක් හිමි 41 වියැති කේට්, මේ අයුරින් ස්වරූපය වෙනස් කර ගැනීම ඇගේ සැමියා ජැමි හින්ස්ට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ.
ඒත් ඇගේ දියණිය ලිලාට නම් එය ‘බරපතළ’ කාරණයක් වෙලා. තමන්ගේ දියණිය මේ වෙනසට අකැමැති බවයි කේට් කියන්නේ.
කොහොම වෙතත් දියණියව නම් නිරූපණ වෘත්තියට යොමු නොකරන්නයි කේට්ගේ බලාපොරොත්තුව.
තමන්ගේ ඇතැම් ඡායාරූපවලින් කාමුකත්වය ඉස්මතු කෙරෙන බව පවසන ඇය තම දියණියව නම් එවැනි තත්ත්වයකට පත් නොකරන බවයි පවසන්නේ.
කේට්ගේ දියණිය මේ වන විට 12 වැනි වියෙහි පසුවෙනවා.
“මම ප්ලේබෝයි සඟරාවෙ පින්තූරවලට පෙනී හිටිය බව දුව දන්නවා. දැකල නම් නැහැ. දැන් නම් මට හිතෙන්නෙ ඒ වගේ දේවල් සීමාවන් තුළ කෙරෙන්න ඕනෙ කියලයි.” කේට් සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.








