යාපනය අයියකච්චි සංගතාර් ප‍්‍රදේශයේ දී කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (06) පස්වරුවේ මෙම පහරදීම සිදුව තිබූ අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කිලිනොච්චි රෝහලටය.
මෙය පෞද්ගලික ආරවුලක්ද, නැතහොත් සංවිධානාත්මක කල්ලියක ක‍්‍රියාවක්දැයි මෙතෙක් අනාවරණ වී නොමැත.
එමෙන්ම තියුණු ආයුධවලින් පහරදුන් පුද්ගලයින් කවුරුන්දැයි අනාවරණය කර ගැනීමටද මේ දක්වා නොහැකි වී ඇතැයි සඳහන් වෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.









