FAST NEWS

24×7 Around the Globe

හොරකමට පක්‌ෂව අත ඔසවන්නැයි කවුරුන් හෝ තමන්ට කීවොත් පාරට බහිනවා..

තමන් ඇතුළු යහපාලන රජයේ කිසිවකු දූෂණයට පක්‌ෂව අත ඔසවන්නේ නැතැයි නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මොනරාගලදී පෙරේදා (05දා) ප්‍රකාශ කළේය.

සියඹලාණ්‌ඩුව මානාභරණගම උදාගම්මානය ජනතා අයිතියට පවරා දෙමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව අලුත් ආණ්‌ඩුවක්‌ පත්කර ගත්තේ හොරු අල්ලා ගන්නට මිස හොරකම් නොකරන්නට බවය.

ජනතා විශ්වාසය භංග නොවන පරිදි ගමන් කිරීමට මහජන නියෝජිතයන් වග බලා ගත යුතු බවද පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ජනතා විශ්වාසය භංග වුවහොත් යළි විපක්‌ෂයේ නිවහනට යා හැකි බවද කීවේය. හොරකමට පක්‌ෂව අත ඔසවන්නැයි කවුරුන් හෝ තමන්ට කීවොත් සියලු තනතුරු අතහැර ජනතාව සමඟ පාරට බසින්නට තමන් සූදානම් බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.