දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සුළු දේශපාලන පක්‍ෂ තුනක් වන ටෙලෝ, ප්ලොට් හා ඊ. පී ආර්. එල්. එෆ්. යන පක්‍ෂ තුන ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට ක්‍රියා කරගෙන යන බව උතුරේ දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගෙන් ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ට දිගින් දිගටම අසාධාරණකම් සිදුවීමත්, ටෙලෝ සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය අතර උග්‍ර මත ගැටුමක් හට ගැනීමත් සමගම මේ තීරණය කෙරෙහි අවධානය යොමු වී තිබේ.
මේ පිළිබඳව එම පක්‍ෂ තුනේ නායකයින් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා ඇත්තේ තවදුරටත් දෙමළ ජාතික සන්ධානය සමඟ සිටීමෙන් සුළු දෙමළ පක්‍ෂ වටා සිටින ආධාරකරුවන් තමන්ට අහිමි වී යා හැකි බවයි.
ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් සිදු කරන බලෑම් සහ පළාත් සභාවේ මන්ත්‍රී ධුරයක් හුවමාරු ක්‍රමය යටතේ ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂය වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර සුළු දෙමළ පක්‍ෂවලට නැගී සිටීමට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂය ඉඩ නොදීම නිසා ඉතාම ඉක්‌මනින් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීම වැදගත් බව එහිදී තීරණය වී තිබේ.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වන්නේ නම් ඊළඟට පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකට පෙර ඉවත් විය යුතු බවටද මෙහිදී සාකච්ඡා වී තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.